පළා යන අපරාධකරුවන් කොටුකර ගන්න දකුණු පළාතේ ස්ථිර මාර්ග බාධක 32ක්

37

අපරාධ සිදුකොට පලායන අපරාධකරුවන් නීතියේ රැහනට කොටුකර ගැනීම සඳහා දකුණු පළාත තුළ මේ වන විට ස්ථිරවම මාර්ග බාධක 32ක් යොදා ඇති බැව් දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

මින් වැඩිම මාර්ග බාධක සංඛ්‍යාවක් ස්ථාපිත කොට ඇත්තේ ගාල්ල සහ ඇල්පිටිය යන පොලිස් කොට්ඨාසවල බවද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පෙන්වා දෙයි. මීට මාස දෙකක පමණ සිට මෙකී මාර්ග බාධක ස්ථාපිත කොට ඇති අතර මේ නිසා අපරාධ සිදුකොට පලායන පුද්ගලයින් හා අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවී ඇති බවද දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පෙන්වා දෙයි. මේවන විට දකුණු පළාත තුළ යුක්තියේ මෙහෙයුම දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාගේ මෙහෙයවීම යටතේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක කෙරේ.
ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment