සනත් නිෂාන්තගේ මරණය ගැන අලුත් ආරංචියක්

1744


හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ගමන්කළ ජීප් රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරා අද (12දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ට පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇත.

එම කන්ටේනර් රථයේ රියදුරා පැය 5ක පමණ ප්‍රකාශයක් ලබාදුන් බව ආරංචි මාර්ග සඳහන් කර සිටී.
රිය අනතුර සිදුව ඇති ආකාරය සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සනත් නිශාන්ත මහතාගේ බිරිඳ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරාපත් කර කිබුණාය.

advertistmentadvertistment
advertistmentadvertistment