ඔත්තු බැලීමේ චෝදනාව මත ද.කොරියානු ජාතිකයෙකු අත්අඩංගුවට

338

ඔත්තු බැලීමේ චෝදනාව මත දකුණු කොරියානු පුද්ගලයෙකු රුසියාවේදී අත්අඩංගුවට පත්ව තිබේ. රුසියාවේ ටාස් පුවත් සේවයට අනුව දකුණු කොරියානු ජාතික බෙක් වොන් සුන් නැගෙනහිර රුසියානු නගරයක් වන ව්ලැඩිවොස්ටොක් නගරයේදී මෙම වසර මුලදී අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු මේ වන විට මොස්කව් නගරයේ බන්ධනාගාරයක සිරගත කර සිටි, ඔහු දශක ගණනාවකට පසු රුසියාවේදී අත්අඩංගුවට පත් ප්‍රථම දකුණු කොරියානු ජාතිකයා සේ සැළකේ.

මෙම පුවත දකුණු කොරියානු බලධාරීන් විසින් සනාථ කර ඇති අතර එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා නිදහස් කරගැනීම සඳහා සිය තානාපති කාර්යාල නිලධාරීන් රුසියානු බලධාරීන් සමග සාකච්ඡා පවත්වමින් සිටින බව අනාවරණය කර තබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment