අන්තර්ජාලයෙන් කොපි කරගත් ප්‍රශ්නයක් මෙවර උ.පෙළට ඇවිත්

120

2023 වසර උසස් පෙළ විභාගයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය පිළිබඳ ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ රචනා සඳහා ඇතුළත් කර තිබූ එක් ප්‍රශ්නයක් අන්තර්ජාලයෙන් පිටපත් කරගත් එකක් බව හෙළිවී ඇතැයි එම විෂයය උගන්වන ගුරුවරු පවසති.

එය විදේශ විශ්වවිද්‍යාලයක පැවරුම් පරීක්‍ෂණයක් සදහා සකස් කර තිබූ බවත් අන්තර්ජාලයේ තිබූ එම ප්‍රශ්නය මෙවර විභාග ප්‍රශ්න පත්‍රයට ඇතුළත් කර ඇති බවත් ඔවූහු පවසති.

මෙලෙස පසුගිය වසර කිහිපයේම උසස් පෙළ විභාගය සඳහා අදාළ ප්‍රශ්න පත්‍රයට අන්තර්ජාලයෙහි ඇති තොරතුරු තාක්‍ෂණය සම්බන්ධ ප්‍රශ්න ඒ අයුරින්ම හෝ ඊට සමාන අයුරින් සකස් කර තිබුණු බව එම ගුරුවරු පවසති.

මෙම ප්‍රශ්න විෂය නිර්දේශයට අදාළ නැති නිසා විෂය උගන්වන ගුරුවරු සහ විභාගයට මුහුණ දෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මහත් අපහසුතාවට පත්වන බවද එම ගුරුවරු සඳහන් කරති.

අන්තර්ජාලය ඔස්සේ පිටපත් කර ගන්නා මෙම විදේශීය ප්‍රශ්න, දේශීය විෂය නිර්දේශය සමග නොගැළපෙන නිසා උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ විකෘති ස්වභාවයක් මතුව ඇතැයි ද ඔවූහු චෝදනා කරති.

මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය අවස්ථා කිහිපයකම ලිඛිතව දැනුවත් කර ඇති බව ද ඔවූහු වැඩිදුරටත් සඳහන් කරති.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment