පෑලියගොඩ ඉගිල්ලෙන වාහන ජීවිතවලට තර්ජනයක්

177

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වන කන්ටේනර් ඇතුළු වාහනවලට යටවී ඉකුත් මාස කිහිපයේදී ව්‍යාපාරිකයින් ඇතුළු පුද්ගලයන් හය දෙනකු මියගොස් තිබේ.

ඊයේ (25දා) සහ පෙරේදා (24 දා) සිදුවූ රිය අනතුරු දෙකකින් මාළු ව්‍යාපාරිකයකු හා පාරිභෝගිකයකු අවාසනාවන්ත ලෙස මියගිය බව එම මත්ස්‍ය සංකීර්ණයේ ලේකම් ජයන්ත කුරේ මහතා පැවසීය. එම අනතුරින් මියගොස් ඇත්තේ කීර්තිමත් ව්‍යාපාරිකයකු වන එච්. ඒ. රාජන් මහතා සහ මාළු මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයෙකි.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණය අසල මාර්ගයේ අනාරක්ෂිත ලෙස කන්ටේනර් ධාවනය කිරීම නිසා සිදුවන රිය අනතුරු පිළිබඳව රථ වාහන පොලිසිය සමග සාකච්ඡා කිරීමට තම සංගමය තීරණය කර ඇතැයි ද ඒ අනුව ව්‍යාපාරිකයන්ගේ හා පාරිභෝගිකයන්ගේ ආරක්ෂාවට යම් වැඩපිළිවෙළක් සකසා දෙන ලෙස ඉල්ලා සිටින බව ද කුරේ මහතා කියා සිටියේය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment