ශ්‍රී ලංකා සිම්බාබ්වේ ක්‍රිකට් තරගාවලියේ ටිකට් නිකුත් කරයි

221

නව වසරේ පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ – ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ ප්‍රවේශ පත්‍ර මේ වනවිට නිකුත් කර ඇතැයි.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව www.srilankacricket යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රවේශපත්‍ර ලබාගත හැකිය.ප්‍රවේශපත්‍ර කවුන්ටරය ජනවාරි 4 දා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී විවෘත වේ.ඒ අනුව ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් වර්ගයේ ප්‍රවේශ පත්‍රයක් රු 5,000කට අලෙවි කෙරේ.තරගාවලිය විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3කින් සමන්විතය. එම තරගාවලිය ජනවාරි මස 6,8 සහ 11 යන දිනවල දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙනු ඇත.විස්සයි විස්ස තරග 14,16 සහ 18 යන දිනවල පැවැත්වීමට නියමිතය.මෙම තරගාවලි දෙකම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ පැවැත්වෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment