අයවැයෙන් රජයේ සේවක ජීවන වියදම් වැඩි කරයි

1274

රජයේ සේවකයින්ට රුපියල් 10,000කින් ජීවන වියදම් දීමනාව වැඩි කිරීමට අය වැය මගින් යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසීය. ඒ අනුව ඔවුන්ට ලබන අප්‍රේල් මස සිට ජීවන වියදම් දීමනාව රුපියල් 17,800ක් ලෙස ගෙවනු ලැබේ. විශ්‍රාම වැටුප් දීමනාව ද රුපියල් 2500කින් වැඩි කිරීමට යෝජනා කළේය. ඒ අනුව ඔවුන්ට ද අප්‍රේල් මස සිට විශ්‍රාම වැටුප් දීමනාව රුපියල් 6025ක් හිමිවේ.

advertistmentadvertistment
advertistmentadvertistment