රයිගම් ටෙලීස් හෙට

198

ජනප්‍රිය සම්මානය කාටද?

20 වැනි රයිගම් ටෙලීස් ජාතියේ ටෙලි සම්මාන උළෙල හෙට කොළඹ ෂැංග්‍රීලා හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය. මේ සඳහා කලා කේෂ්ත්‍රයේ නළු නිළියන්, සියලුම නිෂ්පාදක කණ්ඩායම්, කාර්මික ශිල්පීන්, මාධ්‍යවේදීන් සමග ආරාධිතයන් ද සහභාගි වේ.

මෙහිදී පසුගිය 2023 වසරේ විකාශය වූ ටෙලිනාට්‍ය සඳහා, ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන මෙන් ම ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන සඳහා සම්මාන ප්‍රදානය කිරීමට නියමිතය.

ඒ අතර ප්‍රේක්ෂක මත විමසුම අනුව ජනප්‍රිය නළුවා, නිළිය වගේම ටෙලිනාට්‍ය සඳහා ද සම්මාන පිරිනැමීම සිදුකෙරේ. එස්. එම්. එස්. මත විමසුම අනුව රන්දික ගුණතිලක, සාරංග දිසාසේකර, සචින් ලියනගේ ඉදිරියෙන්ම සිටින අතර රවීන් කනිෂ්ක, ඉෂාර මධුෂාන්, දිනෙත් ඈපාලියන, හෂාන් රත්නායක, ජගත් මනුවර්ණ, චමීර සිල්වා, බිමල් ජයකොඩි පළමු දසදෙනා අතර තේරී පත්වී ඇති අතර ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය යටතේ දුෂේනි මියුරංගි, ශලනි තාරකා, දමිත්‍රි සුබසිංහ ඉදිරියෙන්ම සිටී. නෙත්මි රොෂෙල්, මිෂෙල් දිල්හාරා, යොහානි හෙට්ටිආරච්චි, ගීත්මා බණ්ඩාර. සෙනාලි ෆොන්සේකා, නයෝමි තක්ෂිලා, අමන්දා ජයරත්න අවසන් දසදෙනා අතර වේ.

වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටින්නේ දිවිතුරා, ජානු, ඉස්කෝලේ වන අතර සල්ලි පොකුරු, දෙවැනි ඉනිම, රැල්ල වෙරළට ආදරෙයි, සංගීතේ, කියාදෙන්න ආදරේ තරම්, හපන්නු අපි ගමේ රාජ්ජේ, අකුරට යන වෙලාවේ යන ටෙලිනාට්‍ය අවසන් දහය අතරට තේරී පත්වී තිබේ.

රයිගම් ටෙලීස් හෙට
රයිගම් ටෙලීස් හෙට

තවද පසුගිය වසරේ විකාශය වුණු ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ කොඩි ගහ යට ටෙලිනාට්‍යය සම්මාන දාහතරකට නිර්දේශ වීමෙන් පෙරමුණ ගෙන ඇත. 2023 වසරේ දැඩිලෙස කතාබහට ලක්වුණු ‘සුද්දි, සිරි, මනියා’ වැනි චරිත ඔබ හමුවට ගෙන හැර පෑ ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ එයා දැන් බැඳලා ටෙලිනාට්‍යය සම්මාන දහතුනකට නිර්දේශ වී තිබෙන අතර ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ ජීවිතයේ එක් දවසක් ටෙලිනාට්‍යය සම්මාන දහයකට නිර්දේශ වී තිබේ. හෙට (30 වැනිදා) කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වෙන 20 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙලේ අවසන් මහා රාත්‍රියේ දී එක් එක් ඛාණ්ඩයන් යටතේ ජයග්‍රාහී ටෙලිතරු සම්මාන ලබාගැනීමට සූදානමින් සිටී.

රයිගම් ටෙලීස් හෙට

දිනේෂ්

advertistmentadvertistment
advertistmentadvertistment