රජය වහා අවධානය යොමු කරන්න! පෑලියගොඩ මාළු මාකට් එකේ කප්පම් ගැනීම් වැඩිවෙලා

360

සිද්ධියකට මුහුණ දුන් සභාපති කියයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතාට දුරකථනයෙන් මරණීය තර්ජනය කර රුපියල් ලක්‍ෂ 10ක කප්පම් ලබාගැනීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ 32 හැවිරිදි පුද්ගලයෙක් ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක්, මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් හා කප්පම් ඉල්ලීමට යොදාගත් ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන තිබේ.

මීට පෙර මෙම සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනකු අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අප මේ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතාගෙන් විමසා සිටියෙමු.

අපි උදේ පාන්දර ඇවිත් මේ ව්‍යාපාර කටයුතුවල නිරතවෙලා දුක් මහන්සියෙන් හරිහම්බ කරගන්නා මුදල් තමයි මේ කප්පම්කරුවෝ ඉල්ලන්නේ. මාළු මාර්කට් එකේ හැමෝගෙන්ම මේ කප්පම්කරුවන් කප්පම් ගන්නවා. ඒ අය බයයි පැමිණිලි කරන්න. ඒ අය කප්පම්කරුවන්ට කප්පම් දීලා ඔහේ ඉන්නවා.

රජය මේ ගැන සොයා බලන්න. මාළු මාර්කට් එකේ ව්‍යාපාර කටයුතු කරන අයට කප්පම්කරුවන්ගෙන් එල්ලවන තර්ජන එන්න එන්නම වැඩිවෙලා. මේ කාලයේ ව්‍යාපාර කටයුතු කරගෙන යන එකත් හරිම අමාරු වැඩක්.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment