විශ්වාසභංගය පරදී ඉම්රාන්ගේ ඉනිම අවසන් – විශ්වාසභංගයකින් පහකළ  පළමු පාකිස්තාන අගමැති

210

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විශ්වාසභංගයෙන් පරාජය වීමත් සමඟ බලයෙන් පහකර තිබේ.

ඊයේ (10දා) අලූයම 01.00 ට පමණ විශ්වාසභංගයේ ප‍්‍රතිඵලය නිකුත් කරනු ලැබූ අතර එහිදී එරට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 172 දෙනකුගේ සහාය මෙම යෝජනාවට පළවී තිබිණි.

පාකිස්තාන පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීන් ගණන 342කි. පසුගිය සතියේ ඉම්රාන් ඛාන්ට එරෙහිව මෙම යෝජනාව මුලින්ම ගෙන ආ නමුත් ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් එය අවහිර කළේය. ඉරිදා ඡුන්දය පැවැත්වුණේ එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙර සතියේදී විශ්වාසභංග යෝජනාව ප‍්‍රතික්ෂේප කිරීම ව්‍යවස්ථා විරෝධී බව ප‍්‍රකාශ කිරීමෙන් පසුවය.

ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් බලයෙන් පහකළ පළමු පාකිස්තාන අගමැති වේ. පාකිස්තාන පාර්ලිමේන්තුව අද (11දා* රැුස්වන්නේ එරට නව නායකයා තෝරාගැනීම සඳහායි. නව අගමැති ලෙස එරට විපක්ෂ නායක ශේබාෂ් ෂරිෆ් පත්වීමට නියමිත බව එරට මාධ්‍ය කියයි. 70 හැවිරිදි ඔහු හිටපු අගමැති නවාස් ෂරිෆ්ගේ සොහොයුරෙකි.

මීළඟ මැතිවරණය පැවැත්වීමට නියමිත 2023 ඔක්තෝබර් දක්වා බලයේ සිටීමට නව අගමැතිට හැකි වනු ඇත.

ඉම්රාන් 2018 දී අගමැති ලෙස තේරී පත් වූ අතර ¥ෂණයට එරෙහිව සටන් කිරීමට සහ ආර්ථිකය නිවැරදි කිරීමට පොරොන්දු විය. නමුත් එම පොරොන්දු ඉටු නොවූ අතර රට මූල්‍ය අර්බුදයක හිරවිය. 2018 දී බලයට පැමිණීමට එරට බලවත් හමුදාව සහාය ලබා දුන්නද පසුව හමුදාව හා ආණ්ඩුව අතර ප‍්‍රශ්න ඇතිවිය. විශ්වාසභංගය මුලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ විට එරට හමුදාව පැවසුවේ තමන් කිසිම පාර්ශ්වයක් නොගන්නා බවයි. හමුදාවේ සහාය නොමැතිව එරට සිවිල් ආණ්ඩුවට පැවතිය නොහැක. නිදහස ලැබුණු දා පටන් එරට කිසිම අගමැතිවරයකුට නියමිත ධුර කාලය සම්පූර්ණ කරන්නට හැකි වී නැත.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment