අර්බූදය සමනය කිරීමට රාජපක්‍ෂලා නැති අන්තර්වාර පාලනයක් සහ 19 අවශ්‍යයි – මෛත‍්‍රීපාල සිරිසේන

439

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම ස`දහා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අන්තර්වාර පාලනයක් ඇතිකර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතිකර ජාත්‍යන්තර සහාය දිනාගත යුතු යැයි හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (10දා) පැවැසීය.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඇතිකරන අන්තර්වාර පාලනයට අගමැතිවරයා ප‍්‍රමුඛ රාජපක්‍ෂවරුන් නොසිටිය යුතු බවත්, ඔවුන් නැවත කැබිනට් මණ්ඩලය නියෝජනය කරනු ලැබුවහොත් ජනතා විශ්වාසය නැතිවී අරගල උත්සන්නවනු ඇති බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (10දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

රටේ ඇතිවී තිබෙන අර්බුදවලට විසඳුම් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා හමුවී තුන්වතාවක් දැනුවත් කළ බවත් එයට යහපත් ප‍්‍රතිචාර නොලැබීම නිසා පීඩා විඳින ජනතාව පාරට බැස අරගලය පටන්ගත් බවත් හිටපු ජනාධිපතිවරයා කීය.

සියලූ පක්‍ෂවල එකඟතාවයකින් අන්තර්වාර පාලනයක් ඇතිකරගනු ලැබුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව ඇතුළු ආයතන රැුසක විශ්වාසය ඇතිවී රටේ ප‍්‍රජාතන්ත්‍්‍රවාදය ඇතිකර ගැනීමට ජාත්‍යන්තරයේ සහය ලබාගත හැකි බවද ඒ මහතා කීය. විශේෂයෙන් ජාත්‍යන්තර සහාය ලබාගැනීමට රාජපක්‍ෂවරුන්ගෙන් තොරව අන්තර්වාර පාලනය ඇතිවුවහොත් රට තුළ සමාජ, ආර්ථික, දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවී රටේ ජනතාවට ස්ථිරසාර විසඳුමක් ලැබෙනු ඇතැයි ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගෙන බවද ඔහු කීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා-

දින 04ක් පාර්ලිමේන්තුව පැවැත්වුවත් ජනතාවට සාධාරණයක් ඉටුවන තීන්දු තීරණවලට එළඹුණේ නැහැ. ඒ දවස් 04 පක්‍ෂ නායකයන් කතාකරලා විසඳුමකට ආවානම් ඊට වඩා හොඳයි කියලා හිතෙනවා. සමහරවිට ඇතැමුන් කියයි තෙල් ප‍්‍රශ්නය ඉවරයි කියලා. ඉන්දියන් ණය යටතේ ගෙන එන ඉතුරු තෙල් නැව් 04-05 ඉවර වුණාම එම ප‍්‍රශ්නය නැවත ඇතිවෙනවා.

පාරේ අරගල කරන්න අයිතිය තියෙනවා. නමුත් අරගල තුළින් බස් ගිනිතැබීමේ සිද්ධිය ලෝකය පුරා ගිහින්. එහි ප‍්‍රතිඵලයක් ලෙස රටට පැමිණෙන සංචාරක ප‍්‍රමාණය අඩුවෙලා. ඒ නිසා අපි මේ අර්බුදකාරී තත්ත්වය ප‍්‍රජාතන්ත‍්‍රවාදීව බේරාගතයුතු වෙනවා. ඒ ස`දහා බෙදීමකින් තොරව සියලූ පක්‍ෂ නායකයන් පෙරට ආ යුතුයි. මේ ප‍්‍රශ්නවලට හිටපු භාණ්ඩාගාර ලේකම් පී. ජී. ජයසුන්දර ඇතුළු කිහිපදෙනෙක් වගකිවයුතු වෙනවා.

හිටපු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා-

මේ අන්තර්වාර පාලනය ජනාධිපතිවරයා සමග යා යුතුයි. ගෝඨා ගෝ හෝම් කිව්වාට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ගෙදර යැවීම සිදුවිය යුතුයි. එක්කො දෝෂාභියෝගයකින්, නැත්නම් ජනාධිපතිවරයා ස්වකැමැත්තෙන් ඉවත්වීම සිදුවිය යුතුයි. එසේ නොමැතිව උද්ඝෝෂණ කරලා ඔහු ගෙදර යවන්න බැහැ. පාර්ලිමේන්තුව නම් 113ක බහුතරය පෙන්නලා ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන්. අනික 20 අහෝසිකර 19 ගේනවා නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අවශ්‍යයි. මේ ගැනත් සලකා බලන්න ඕන.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment