පූගොඩ පොලිසියේ තුවක්කුවක් උස්සලා

73

දෙදෙනෙක් අත්අඩංගුවට

පූගොඩ පොලිසියට අයත් ටී56 වර්ගයේ ගිනි අවියක් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තුවක්කුව ළඟ තබාගෙන සිටි කොස්තාපල්වරයා තමාට හදිසියේ ලැබුණු දුරකථන පණිවුඩයක් අනුව තුවක්කුව පොලිසියට අයත් ත්‍රිරෝදයේ තබා ඉවතට ගිය මොහොතේ මෙය මෙසේ පැහැරගෙන ගොස් ඇත.

පසුව පොලිස් නිලධාරීන් ඒ මොහොතේ ඒ අසල සිටි දෙදෙනකුගෙන් ප්‍රශ්න කරගෙන යද්දී මෙම ටී56 වර්ගයේ තුවක්කුව සොරකම් කර ලඳු කැලෑවක සැඟවූ බව ඔවුන් පවසා ඇත.

එම ටී56 වර්ගයේ තුවක්කුව ත්‍රිරෝද රථයේ දමා ගිය කොස්තාපල්වරයා පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment