ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රිය අනතුරක්

121


ඇල්ල – වැල්ලවාය මාර්ගයේ එකේ කණුව ප්‍රදේශයේ දී එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

ටිපර් රථයේ පිටුපස එළවළු ලොරියේ ගැටී ඇති අතර අනතුරින් ලොරියේ රියදුරු සහ රිය සහායක සිරවී සිටියේය.
ප්‍රදේශවාසීහු ලොරියේ ඉදිරිපස වීදුරු කඩා ඉවත් කර එහි සිරවී සිටි පුද්ගලයින් දෙදෙනා බේරාගැනීමට පියවර ගත්හ.
අනතුරින් බේරාගත් පුද්ගලයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා වැල්ලවාය මුලික රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment