අනුර කුමාර ඉන්දීය ආරක්ෂක උපදේශක හමුවේ

342

ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව එරට සංචාරයක නිරත වන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා හමුවී තිබේ.ඊයේ පස්වරුවේ සර්දාර් පටෙල් භවන්හිදී මෙම හමුව සිදුව ඇත.මෙහිදී කලාපීය ආරක්ෂාව පිළිබඳවත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්වීපාර්ශවික සබඳතා පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.ඊයේ පෙරවරුවේ අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ද හමුවී සාකච්ඡා පවත්වනු ලැබීය.ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙකුට ඉන්දීය රජය විසින් එරට සංචාරයක නිරත වීමට ආරාධනා කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

advertistmentadvertistment
advertistmentadvertistment