යොවුන් කොදෙව්වන්ට ලකුණු 232 ක ඉලක්කයක්

111

දිනුරගෙන් යළිත් දස්කම්

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 06 වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියල්ලෝ දැවී ලකුණු 231 ක් ලබාගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු පන්දු වාර 20 අවසානයේදී කඩුලු 2ක් දැවී ලකුණු 96ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මෙම තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට දිනුර කළුපහන සමත් වූ අතර මල්ෂ තරුපති ලකුණු 42 ක් ලැබීය.

පන්දු 83කින් ලකුණු 53ක් ලැබූ දිනුර එම ඉනිම සඳහා 4 පහර 5 ක් ඇතුළත් කළේය.

සුපුන් වඩුගේ ලකුණු 31 ක් සහ පුලිදු පෙරේරා ලකුණු 24 ක් ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment