ආනන්දය නාලන්දය පරදා කඩුලු 5 ක ජයක් ලබයි

84

කොළඹ ආනන්ද කණ්ඩායම සහ නාලන්දා කණ්ඩායම අතර එස්.එස්.සී. පිටියේදී පෙරේදා (17 වැනිදා) පැවැති 47 වැනි වාර්ෂික එක්දින තරගයේදී කඩුලු 5 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ආනන්ද විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් නාලන්දා කණ්ඩායම නියමිත ඕවර 50 තුළදී කඩුලු 8 ක් දැවී ලකුණු 228 ක් ලබා ගත් අතර ආනන්ද විදුහල් ක්‍රීඩකයෝ ඕවර 43.1 කදී කඩුලු පහක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියහ.

ලකුණු 229 ක ඉලක්කයක් කරා යෑමට පිවිසි ආනන්ද කණ්ඩායම වෙනුවෙන් දිනාද අතලගේ පන්දු 84 කින් ලකුණු 70ක් ලබා ගත් අතර ඊට හතරේ පහර 7 ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් විය.

දිනාද අතලගේට අනගි සහයක් ලබා දුන් කාංචන ද ලිවේරා ලකුණු 55ක් ලබා ගත් අතර ඉරුත් ගිල්ෂාන් ලකුණු 42 ක් ලැබීය. නාලන්දාව වෙනුවෙන් ආරම්භක පිතිකරු සදෙව් සමරසිංහ ලකුණු 54 ක් ලබා ගත්තේය.

ලකුණු සාරාංශය

නාලන්දා විද්‍යාලය – ඕවර 50 කදී කඩුලු 8 ට 228 යි

(සහන් ලිත්මිණ 46, සදෙව් සමරසිංහ 54, මනූප මන්මිත 12, සජිත විතානගේ 23, ඔසඳ පමුදිත 13, සත්මිණ සේරසිංහ 18, හසිත් රත්නායක 1, තාරුක සූරියාරච්චි නොදැවී 17, මිනෝද් කල්දේරා නොදැවී 19, අශිංස නයිනායක 56/2, අයේෂ් ශෂිමාල් 39/2, කෙනුල් ද සොයිසා 28/2)

ආනන්ද විද්‍යාලය – ඕවර 43.1 කදී කඩුලු 5 ක් දැවී 229

(කාංචන ද ලිවේරා 55, දිනාද අතලගේ නොදැවී 70, ඉරුත් ගිල්ෂාන් 42, කිත්ම විදානපතිරණ 10, අයේෂ් ශෂිමාල් 14, කෙනුල් ද සොයිසා නොදැවී 10)

advertistmentadvertistment
advertistmentadvertistment