ඉන්දියාවට තියුණු ජයක්

179

20-20 ක්‍රිකට් පිටියේ චමත්කාරය ලොවට යළිත් වරක් විදහා දක්වමින් ඉන්දියාව සහ පාකිස්තානය අතර ඊයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් අවසන් පන්දුවේදී තියුණු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

සුපිරි පිතිකරු විරාත් කෝලි අවසන් පන්දුව තෙක් සිය සටන දියත් කරමින් පන්දු 53 කදී නොදැවී ලකුණ 82ක් වාර්තා කළ අතර හර්දික් පාන්ඩයා ලකුණු 40ක් ලබා ගත්තේය.

පාකිස්තානය පළමුව පන්දුවට පහරදී ලබාගත් ලකුණ 159 ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායමට අවසන් පන්දු වාර 2දී ලකුණු 32ක ඉලක්කයක් හිමිවූ අතර ඒ අතරතුර හර්දික් පාන්ඩයා සහ දිනේෂ් කාර්තික් දැවී ගියහ.

අවසාන පන්දුවේදී රවිචන්ද්‍රන් අශ්වින් එක් ලකුණක් ලබාගෙන ඉන්දීය ජය තහවුරු කළ අතර තරගයේ වීරයා සම්මානය විරාත් කෝලිට හිමි විය.

ලකුණු සාරාංශය

පකිස්තානය 159/8(20)

ඉන්දියාව 160/6 (20)

advertistmentadvertistment
advertistmentadvertistment