Mahindra IDEAL Finance නවතම ශාඛාව පිළියන්දලට

57

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලියාපදිංචි මූල්‍ය සේවා සමාගමක් වන Mahindra IDEAL Finance සමාගමේ නවතම ශාඛාව පසුගියදා පිළියන්දල ප්‍රදේශයේදී විවෘත කරන ලදි. තම ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සමාගම දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම නව ශාඛාව විවෘත කර තිබේ. අංක 64/1, හොරණ පාර, පිළියන්දල යන ස්ථානයේ පිහිටා ඇති මෙම ශාඛාව, Mahindra IDEAL Finance Limited ශාඛා ජාලයේ 31 වැනි ශාඛාවයි.

සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට, තම අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන මූල්‍ය සේවාවන් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මේ ආකාරයට තම ශාඛා ජාලය පුළුල් කිරීමට Mahindra IDEAL Finance Limited පියවර ගෙන තිබේ. පිළියන්දල යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ නගරවලින් එකක් වන අතර, එම නගරයේ සහ ඒ තදාසන්න ප්‍රදේශවල වෙසෙන ජනතාවට මින් ඉදිරියට ඉතාමත් පහසුවෙන් Mahindra IDEAL Finance Limited හි මූල්‍ය සේවාවන් ලබාගැනීමට හැකි වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment