ක්‍රිකට් ගැන සෙවූ පංච පුද්ගල වාර්තාව නීතිපති වෙත – ඉදිරි පියවර ඉන් පසුවට

156

ඔස්ටේ්‍රලියාවේදී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ලවූ විවිධ චෝදනාවන් සම්බන්ධයෙන් සොයාබැලූ පංච පුද්ගල කමිටුවේ වාර්තාව ඊයේ (16වැනිදා) නීතිපතිවරයා වෙත යොමුකර තිබේ.

‘බෝන් අගේන්’ නම් ආගමික කණ්ඩායමකින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් මතුවූ ගැටලු පිළිබඳව ද මෙම වාර්තාවේ තොරතුරු ඇතුළත් වන බව ක්‍රීඩා අමාත්‍යංශය ඒ සම්බන්ධව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

අදාළ වාර්තාව පසුගිය 10 වැනිදා එම පංච පුද්ගල කමිටුව විසින් ඇමැතිවරයා වෙත භාර දෙන ලදී.

එම වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාගැනීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයාගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එම වාර්තාව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

නීතිපතිවරයාගෙන් ලැබෙන උපදෙස් හා නිර්දේශ මත ඉදිරි පියවර ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment