වනිඳු ජූනි මාසයේ ක්‍රීඩකයා වෙයි

122

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) මගින් පිරිනමන මාසයේ ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වෙත හිමි වී තිබේ.

අයි.සී.සී. ජූනි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා වනිඳුට අමතරව සිම්බාබ්වේ පිතිකරු ශෝන් විලියම්ස් හා ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ද නිර්දේශිත නාම ලැයිස්තුවේ සිටියහ.

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළව පසුගිය දිනවල සිම්බාබ්වේ හිදී පැවැති සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේදී වනිඳු දැක් වූ දක්ෂතා මෙම සම්මානයට බෙහෙවින් ඉවහල් වී තිබේ.

එහිදී වනිඳු ඉනිම් 7කදී කඩුලු 22 ක් දවා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූයේය.

එම තරගාවලියේ පළමු තරගයේ දී කඩුලු 6ක් ද, දෙවැනි තරගයේ දී හා තෙවැනි තරගයේ දී කඩුලු 5 බැගින් ද දවා ගනිමින් අඛණ්ඩව එක්දින තරග 3කදී කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් ලොව පළමු දඟ පන්දු යවන්නා බවටද ඔහු පත් වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment