පල්ලේපොලින් ගායනා ලොවට පෑයූ පුංචි තරු

32

පල්ලේපොල මානිංගමුව ගම් පියසේ උපත ලබා සිය සහජ හැකියාවෙන් රටම ඔවුන් පිළිබඳව කතා කරන තැනට පත්ව ඇති චදිපා පබෝදනී සහ පදුපමා අලුත්ගේ එකම පවුලේ අක්කා නගෝය.

චදිපා පබෝධනී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ගායිකාවකි. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ මුතුහර වැඩසටහනේ සාමාජිකාවකි. පළාත් අභිමානී සම්මානය අඛන්ඩව වසර 05ක් දිනා ගැනීමට ඇය සමත් වූවාය. පදුපමා අලුත්ගේ සිසුවිය ඉකුත් වසර අවසානයේ සමස්ත ලංකා පාසල් කනිෂ්ඨ ඒකල සරල ගී තරගයෙන් දිවයිනෙන් දෙවැනි ස්ථානය දිනා ගත්තාය. මෙමගින් ඇය පල්ලේපොල මහාබෝධි විදුහලට කීර්තියක් ලබාදීමට සමත් වූවාය.

එස්.එම්.එස්. මනාපවලින් ලබා ගන්නා ජයග්‍රහණ වලට වඩා සිය කුසලතාවයෙන් ජය ලබා ගන්නා තැනට චදිපා සහ පදුපමා යන අක්කා නගෝ මේ වනවිට පත්වී හමාරය.

පල්ලේපොල – තිලක් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment