ප්‍රගීත්ගෙන් පෝදා නාට්‍ය පෙළක්…

23

ටෙලිනාට්‍යය නිෂ්පාදකවරයකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රගීත් රත්නායකගේ පෝදා නාට්‍යය නිර්මාණ පෙළක් සෑම මසකම පොහොය දා ටී. එන්. එල්. රූපවාහිනියේ ‘දිදුල’ රූපවාහිනිය ඔස්සේ විකාශනය වේ.

මෙම පොහොය නාට්‍ය තුළ සුමිත් මුදන්නායක, අනූෂා දිල්රුක්ෂි, ජයනී අත්තනායක, අමා අතුකෝරල යන ශිල්පීන් රංගනයෙන් දායක වේ. කැමරාකරණයෙන් සංජීව විසිනි.

ප්‍රගීත් චිත්‍රපට නිෂ්පාදනයෙන් හා අධ්‍යක්ෂණයෙන් දායක වී තිබේ. ‘රාස්ස අඩවිය’, ‘සොඳුරු දඩයම්’ යන චිත්‍රපට ඔහුගේ නිර්මාණයක් වේ.

තවද ඔහු කතාංග ටෙලිනාට්‍ය කිහිපයක්ද අධ්‍යක්ෂණය කර තිබේ. ‘සමනළ වසන්තේ’, ‘අපිත් මිනිස්සු’, ‘සංසාරේ පියසටහන්’ ඉන් කතාංග ටෙලිනාට්‍ය කිහිපයකි.

‘පාතාලේ’, ‘යමලොව’, ‘සමනය’ ඔහුගේ වේදිකා නාට්‍ය නිර්මාණයන්ය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment