අපි නැවත හමුවෙමු! මේ සසර ගමනේ දී

82

උපාලි සමූහ ව්‍යාපාර ඉතිහාස කතාවේ මුල් පෙළේ සිටි තවත් එක් නොමැකෙන නාමයකි “නිහාල් දිසානායක” අපගේ නෙත් අග කඳුළක් ඉතිරි කර අපෙන් සමුගෙන ඔබ නික්ම ගොස් සත් දිනකි අදට.

කඩවසම් දේහධාරී තරුණයා දකුණු දෙසින් අගනගරයට පැමිණ තම පියවර තැබුවේ උපාලි ආයතන පරිශ්‍රයටය. ඒ දැනට දශක 4කට පෙරය. ඒ 1980 දී ය.

සමූහ ව්‍යාපාරයේ නිෂ්පාදන ආයතන රැසකම තම තරුණ ජවයෙන් කා සමගත් මිත්‍රත්වයෙන් ආයතනයට කළ මෙහෙය ඉටුකළ යුතුකම් මෙපමණක් යැයි කිව නොහැකිය. කාගේත් දුකේදී විපතේදී ඔබ එතැනය. කාටත් මුවට සිනහව දෙන්නටත් ඔබ කොහෙත්ම පසුගාමී වූයේ නැත. පැය 9ක හෝ 12ක ශ්‍රමදාහය නිවන්නට සේවක මනසට සැලසුවේ විනෝදය හාස්‍යය රසය පිරුණ පරිසරයකි. ඔබ ආයතනයේ දියුණුව, පැවැත්ම තහවුරු කරලීමට සේවකයාගේ ශ්‍රම ශක්තිය මුසු කළේ මල නොතලා මලෙන් රොන් ගන්නා සේ ය.

හෝමාගම ආයතන පරිශ්‍රයේ නුඹ පා පහස නොලද ප්‍රධාන දොරටුවක් තිබේද? ඔබ මේ සෑම ආයතනයක් හා බැඳී ජීවිතයන් ජීවත් කළ ආකාරය හරිම අපූරුය. ප්‍රධාන කාර්යාල පරිසරය ද ඔබගේ ගුණ සුවඳ හොඳින් හඳුනාගත් සහෝදර නිලධාරි සමූහයක එකමුතුවකි.

උපාලි පාරිභෝගික නිෂ්පාදන සමාගමේ දිගු කාලයක් පුරා නිෂ්පාදන සහ මානව සම්පත් අංශ නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයෙකි. වසර 40ක් පුරා ම ගත කළ රාජකාරි දිවිය ඔහුගේ ජීවිතය ම විය. ඔබ හා උපාලිය ගසට පොත්ත සේය. ඔහුට පෞද්ගලික ජීවිතය දෙවන රඟමඬල විය. ඔහු එපමණට ම රාජකාරිය දේවකාරිය සේ සලකා ආයතන කළමනාකාරිත්වයට අවංක නිලධාරියෙක්ගේ මෙහෙය ඉටුකළේය. එලෙස රාජකාරි දිවියේ නිදහස සලසා දීම කළමනාකාරිත්වය හා එක්ව කටයුතු ඉටුකිරීමට පරිසරය සලසා දීම වෙනුවෙන් ඔහුගේ දයාබර භාර්යාව කුමුදුනී ප්‍රේමතිලක මහත්මියට සහ දයාබර දියණිය කවින්දි දිසානායක මෙනවියට ආයතන කළමනාකාරිත්වයේ කනගාටුව, හද පිරි ස්තුතිය ප්‍රකාශ කරමු. මෙලෙස සත්ගුණවත් යුගපුරුෂයෙක් ලෙසින් මතු භවයන්හි දීත් හමුව සසර ගමනේ අවසන අතිඋතුම් නිවණින් සැනසීම ලබත්වායි ප්‍රාර්ථනා කරමු.

ඔබට හිතැති උපාලි සමූහ ව්‍යාපාරයේ සහෘද පිරිස

advertistmentadvertistment
advertistmentadvertistment