දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනිද්දා මැතිසබේ විවාදයට

89

දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනිද්දා (21 දා) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

මෙම කෙටුම්පත අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා විසින් දෙවනවර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම කෙටුම්පතට අමතරව අපරාධයක වින්දිතයන් සහ සාක්‍ෂිකරුවන් හට සහාය දීමේ හා ආරක්‍ෂා කිරීමේ පනත් කෙටුම්පත හා සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ද විවාදය සඳහා ඉදිරිපත් කෙරේ.

මේ අතර පාර්ලිමේන්තු අයවැය කාරක සභා පනත් කෙටුම්පත හෙට (20 දා) පාර්ලිමේන්තුවේදී දෙවනවර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment