කැනඩාවේ අනතුරකින් 15ක් මරුට

317

මධ්‍යම කැනඩාවේ මැනිටෝබා පළාතේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 15 දෙනකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරින් තවත් පුද්ගලයින් 10 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවය.

ට්‍රක් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 25 දෙනකු ගමන් කර ඇති අතර ඔවුන් සියලුදෙනාම වයස්ගත පුද්ගලයින් පිරිසක් බව විදෙස් වාර්තා සඳහන් කළේය. අධික වේගයෙන් රිය ධාවනය අනතුරට හේතු වී ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment