නව වසරට කාන්තා දින දර්ශනයක්

211


විවිධ ක්ෂේත්‍රයන්ගෙන් සවිබල ගැන්වුණු එක් එක් ක්ෂේත්‍රයන්ගෙන් ඉහළට ගිය කාන්තාවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වුමන් ටොප් 50 දින දර්ශනය 2022 වර්ෂය සදහා නිකුත් කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවාල වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විණි.
කාන්තා කළමනාකරණ ආයතනය විසින් ප්‍රකාශයට පත්කළ මෙහි ආයතනික, දේශපාලනික, සමාජයීය, ව්‍යාපාරික ආදී ක්ෂේත්‍රයන්ගෙන් ඉහළට ගිය ලෝක බැංකුවේ වුමන් ටොප් 50 සම්මානය දිනාගත් ශ්‍රී ලංකාවේ කාන්තාවන් 12 දෙනෙකු වෙනුවෙන් වසරේ මාස 12 වෙන්කිරීමට කටයුතු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment