කෙළින්කන්දේ අනතුරෙන් බස් රථ රියැදුරුට හා ඇඟලුම් සේවිකාවන් පිරිසකට තුවාල

48

කෙළින්කන්ද ප්‍රදේශයේ දී ඊයේ (12 දා) උදෑසන ලංගම බස් රථයක් හා ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් සිටි පෞද්ගලික බස් රථයක් එකිනෙකට මුහුණලා ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් ලංගම බස් රථයේ රියදුරු බරපතළ තුවාල ලැබූ අතර පෞද්ගලික බස් රථයේ ගමන් ගත් ඇඟලුම් සේවිකාවන් පස්දෙනෙකුට සුළු තුවාල සිදුව ඇතැයි බදුරලිය පොලිසිය පවසයි

මතුගම ඩිපෝවට අයත් බස් රථය කෙළින්කන්ද ප්‍රදේශයේ සිට මතුගමට මගීන් රැගෙන ඒම සඳහා පිටත්ව යන අතර තුර මෙම අනතුර සිදුව ඇති බැවින් ලංගම බස් රථයේ රියැදුරු පමණක් තුවාල ලබා තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ මතුගම ඩිපෝවට අයත් බස් රථයක රියැදුරෙක් සහ කෙළින්කන්ද ප්‍රදේශයේ පදිංචි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසකි. ලංගම බස් රථයයේ රියැදුරුගේ දෙපාවලට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ඔහු කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබේ. සුළු තුවාල ලැබූ සේවිකාවන් ද රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ

බදුරලිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කොළඹගේ මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලියනගේ ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.

ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment