ඇමරිකා තානාපතිනිය තුරඟ තරග පිටියේ…

324

කොළඹ රීඩ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටියේ දී ක්‍රියාත්මක කෙරුණු අන්තර් සමාජ සත් සාමාජික රග්බි පාපන්දු තරඟාවලියට එක්ව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා දැක බලා

ගනිමින් ධෛර්යමත් කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය වන ජුලී ජේ. චංග් මහත්මිය එක්ව සිටීම කැපී පෙනුණි. ඒ ඉකුත් සෙනසුරාදා (09) දිනයේදීය.

තම පවුලේ සාමාජිකයන් සමගින් මෙම අවස්ථාවට එක්ව සිටි ජුලී ජේ. චංග් මහත්මිය ඉතාමත්ම සතුටින් රග්බි පාපන්දු තරග දැක බලා ගත් ආකාරය පෙනෙන්නට තිබිණි. දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන රග්බි පාපන්දු තරග පිළිබඳව දැන ගැනීමට ඒ මහත්මිය උත්සුක වී තිබේ. දේශීය සත් සාමාජික රග්බී තරග මාලාවට පැමිණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ධෛර්යමත් කිරීම පිළිබඳව සතුටු වන බව ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලන සභාපති රිස්ලී ඉල්ලියාස් මහතා අනාවරණය කළේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment