දකුණේ විදුහල්පති පුරප්පාඩු 323ක්

114

දකුණු පළාතේ පාසල්වල විදුහල්පති තනතුරේ පුරප්පාඩු 323ක් පවතින බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා පවසයි.

විදුහල්පතිවරුන් 1523 දෙනකු සිටිය යුතු වුවත් දැනට සිටින්නේ විදුහල්පතිවරුන් 978 දෙනකු බව ද ආණ්ඩුකාරවරයා කියයි.

මෙකී පාසල්වල විදුහල්පති තනතුරු සඳහා වැඩබලන විදුහල්පතිවරුන් පත්කොට ඇති බව පවසන දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අධ්‍යාපන නිලධාරීන්ගේ පුරප්පාඩු 60ක් පමණ පවතින බව ද පවසයි. අධ්‍යාපන නිලධාරින් 223 දෙනකු සිටිය යුතු වුවත් දැනට සිටින්නේ 174 දෙනකු බව ද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් පත්කොට පළාත් සභාව වෙත මුදා හැරියහොත් විදුහල්පති පුරප්පාඩු වී ඇති පාසල් සඳහා එම විදුහල්පතිවරුන් පත්කළ හැකි බව ද ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment