කොවිඩ් නිරෝධායන උපදෙස් සංශෝධනය විය යුතුයි: විශේෂඥ වෛද්‍යවරු කියති

156

දැනට ක‍්‍රියාත්මක කොවිඞ් රෝග නිරෝධායන උපදෙස් සංශෝධනය විය යුතු යැයි විශේෂඥ වෛද්‍යවරු පවසති.

ඒ අනුව එන්නත් මාත‍්‍රා තුනම ගත් පුද්ගලයන්ගේ ආශ‍්‍රිතයකු කොවිඞ් ආසාදනයට ලක්වුවහොත් නිරෝධායනය වන ආකාරය සඳහා නව උපදෙස් මාලාවක් සකස් කළ යුතුව ඇතැයි ඔවුහු සඳහන් කරති.

ඒ අනුව එන්නත් මාත‍්‍රා තුනම ගත් අය තම ආශ‍්‍රිතයා ආසාදනයට ලක් වී දින තුනකට පසුව සිදු කරන රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂාවෙන් ආසාදනය වී නැති බව තහවුරු වුවහොත් තවදුරටත් නිරෝධායනය විය යුතු නැතැයි සඳහන් කරති.

කෙසේ වෙතත් ඔවුන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සමාජයේ හැසිරිය යුතු බවද මුව ආවරණ නිසි ලෙස පැළඳ සිටීම අනිවාර්ය බවද පැවසේ.

එසේම දැනට ශීඝ‍්‍රයෙන් හමුවන කොවිඞ් ආසාදිතයන් ඔමික්‍රොන් ප‍්‍රභේදය වැළඳුණු පුද්ගලයින් දැයි කියා පරීක්‍ෂා කළ යුතුව ඇතැයි ද සඳහන් කරති.

එන්නත් මාත‍්‍රා දෙකක් ලබාගෙන ඇති සියලූ දෙනාට තෙවැනි එන්නත් මාත‍්‍රාව හෙවත් බූස්ටරය ලබාදීමට කඩිනමින් පියවර ගත යුතු බවත් පවසති.

දැනට එන්නත් මාත‍්‍රා තුනම ගත් පිරිස සියයට 38 ක් (38%) පමණ වේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment