මන්ත්‍රී ජයරත්න හේරත් අනතුරක

189


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා ගමන් කළ ජීප් රථයක් වාරියපොල ප්‍රදේශයේ දී තවත් කුඩා ලොරි රථයක ගැටීමෙන් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව වාරියපොල පොලිසිය කියයි.

අනතුරින් මන්ත්‍රීවරයාට තුවාල සිදුවී නොමැති අතර ඔහු වෙනත් රථයකින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇතග වාරියපොල නගර මධ්‍යයේ සිට මීටර් 150 ක් පමණ දුරින් කුරුණෑගල මාර්ගයේදී අනතුර සිදුවී ඇති බව පොලිසිය සදහන් කරයි.

සිද්ධියෙන් ලොරි රථයේ ගමන් කළ 05 දෙනෙකු සහ මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය පැදවූ රියදුරු තුවාල ලබා එම අවස්ථාවේ දීම වාරියපොල දිසා රෝහලට ඇතුලත් කර ඇතග පසුව එම පිරිස වැඩිදුර ප්‍රථිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment