වසර තුනකටවත් ණය සහන කාලයක් දෙන්න – දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාව

366

කොවිඞ් වසංගතය හමුවේ දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ව්‍යාපාරවල පවතින මූල්‍ය ගැටලූ විසඳා ගන්නා තෙක් වසර තුනකටවත් නැවත ණය නොගෙවීමේ සහන කාලයක් ලබා දෙන ලෙස දේශීය ව්‍යාපාර සුරැුකීමේ සභාව රජයෙන් ඉල්ලා සිටියි.

 එසේම 2019 අපේ‍්‍රල් සිට 2021 අගෝස්තු දක්වා කාලය සඳහා ණය පොලී කපාහරින ලෙසත් දේපළ පවරා ගැනීම් අක‍්‍රීය කොට ව්‍යවසායකයින් මත පැටවී ඇති පීඩනය නතර කරන ලෙසටත් මහ බැංකුව විසින් හඳුන්වාදී ඇති මොරටෝරියම් සහනය නිසි පරිදි ක‍්‍රියාත්මක කොට ඒ මත පනවා ඇති සියලූ පොලී මුදල් ඉවත් කරන ලෙසත් ආපදා ලේඛනගතව සිටින ව්‍යවසායකයින්ගේ නම් ඉන් ඉවත් කරන ලෙසටත් ඇතුළු සහන යෝජනා 14 ක් ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment