නව ක්‍රිකට් ව්‍යවස්ථාව

577

ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සිදු කිරීම, පාලනය කිරීම සහ අධීක්ෂණය සඳහා 18 දෙනෙකු ගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කළ යුතු බව සකස් කර ඇති නව ව්‍යවස්ථා කෙටුම්පතේ සඳහන් වෙයි. ජනාධිපතිවරයාගේ උපදෙස් මත විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතා ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව විසින් සකස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාවේ මේ පිළිබඳ සඳහන් කර ඇත.එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 08 දෙනෙකු පත්කරන ලද සාමාජිකයන් වන අතර, 10 දෙනෙකු ඡන්දයක් මඟින් තෝරාගැනීම සිදු කරයි.පත්කරනු ලබන 08 දෙනා තෝරාගැනීම සඳහා වෙනම 06 දෙනෙකු ගෙන් සමන්විත නාමයෝජනා කමිටුවක් සකස් කර ඇති අතර, එහි සාමාජිකයන් පහතින් දැක්වෙයි.1) ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති2) වරලත් ගණකාධිකාරවරුන් ගේ සංගමයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන ලද එම ආයතනික කමිටු සාමාජිකයෙක්.3) ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති හෝ ඔහු හෝ ඇය විසින් නම් කරනු ලබන නීතිඥ කවුන්සිලයේ සාමාජිකයෙක්.4) ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති හෝ ඔහු හෝ ඇය විසින් නම් කරනු ලබන එම ආයතනයේ කමිටු සාමාජිකයෙක්.5) slid ආයතනයේ සභාපතිවරයා හෝ ඔහු හෝ ඇය විසින් නම් කරනු ලබන එම ආයතනයේ කමිටු සාමාජිකයෙක්.6) CIMA ආයතනයේ ප්‍රධානියා හෝ ඔහු විසින් නම් කරනු ලබන එම ආයතනයේ කමිටු සාමාජිකයෙක්.ඉහත නම් කරන ලද කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා නම් කරනු ලබන අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් 18 දෙනා අතරින් සාමජිකයන් 08 දෙනෙකු තෝරා පත්කර ගැනීම සිදු කළ යතු බව නව ක්‍රිකට් ව්‍යවස්ථාවේ සඳහන් කර ඇත.අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉතිරි සාමාජිකයන් 10 දෙනා අතරින් 05 දෙනෙකු ක්‍රිකට් ක්‍රීඩා සමාජවලින් නිලවරණයකින් තෝරා ගත යුතු බව නව ව්‍යවස්ථාවේ සඳහන් වෙයි.ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් 05 දෙනා තෝරාගනු ලබන්නේ පහත සඳහන් ආකාරයටය.

ක්‍රීඩකයන් ගේ සංගමයෙන් අධ්‍යක්ෂවරයෙක් නිලවරණයකින්පාසල් ක්‍රිකට් සංගමයෙන් අධ්‍යක්ෂවරයෙක් නිලවරණයකින්කාන්තා ක්‍රිකට් සංගමයෙන් අධ්‍යක්ෂවරයෙක් නිලවරණයකින්විනිසුරුවරුන්ගේ සංගමයෙන් අධ්‍යක්ෂවරයෙක් නිලවරණයකින්පුහුණුකරුවන්ගේ සංගමයෙන් අධ්‍යක්ෂවරයෙක් නිලවරණයකින්ඉහත සඳහන් ක්‍රිකට් ක්‍රීඩා සමාජ සහ සංගම්වල හරහා අධ්‍යක්ෂවරුන් තෝරාපත්කර ගැනීම ඒ ඒ සංගම් සහ ක්‍රීඩා සමාජ හරහා සිදු කළ යුතු බව ද එම නව ව්‍යවස්ථා කෙටුම්පතේ දැක්වෙයි.ජනපති විසින් මීට පෙර පත්කරන ලද විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා ගේ ප්‍රධානත්වය දැරූ කමිටුව විසින් කෙටුම්පත් කරන ලද මෙම ක්‍රිකට් නව ව්‍යස්ථාව ඊයේ දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගැටලු නිරාකරණය සඳහා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කැබිනට් අනුකමිටුවට ලබා දී තිබේ.ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා ජනපති විසින් පත්කළ කමිටුව විසින් සකස්කර ඇති මෙම නව ව්‍යවස්ථාව හරහා ක්‍රිකට් පරිපාලන ක්‍රමවේදය සම්පූර්ණයෙන් වෙනස්කිරීමකට භාජනය වී තිබේ.එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් කාර්යභාරයන් විධිමත් ව සිදු කිරීම සඳහා කමිටු 10ක් පත්කිරීමට ද යෝජනා කර ඇත.ඒ ක්‍රිකට් කමිටුව, විගණන කමිටුව, පාර්ශ්වකාර ගනුදෙනු කමිටුව, නාම යෝජනා කමිටුව, තේරීම් කමිටුව, තරගාවලි කමිටුව, පහසුකම් සංවර්ධන කමිටුව, සංචාර කමිටුව, රීති – බේරුම්කරණ -හා විනය කමිටුව, ආයෝජන කමිටුව, තහනම් උත්තේජක සහ දූෂණ මර්දන කමිටුව හා වේතන කමිටුව වශයෙන් යෝජනා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment