භාණ්ඩ 97ක වැට් කපන්න බලයි

210

වැට් බදු සඳහා අලුතෙන් ඇතුළත් කළ භාණ්ඩ 138ක් අතුරින් භාණ්ඩ 97ක් යළි එම බද්දෙන් නිදහස් කිරීමට හැකිදැයි සොයා බැලීමක් කිරීමට ආණ්ඩුව සූදානම් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියි.

එලෙස අලුතින් වැට් සඳහා යටත් කරන ලද භාණ්ඩ ලැයිස්තුව මගින් රජය රුපියල් බිලියන 378ක ආදායමක් අපේක්ෂා කළ බව ඇමැතිවරයා කියයි.

ඒ අනුව මේ වන විට 9.2%ක මට්ටමේ පවතින දළ දේශීය නිෂ්පාදිතය එමගින් 2024 වසරේ දී 12% දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව ය. කෙසේ වෙතත් විවිධ පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමට රජය සූදානම් බව ඇමැතිවරයා වැඩි දුරටත් පැවැසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment