කාගිල්ස් බැංකුවේ මූලික මහජන කොටස් නිකුතුව ඇරැඹෙයි

29
කාගිල්ස් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි සෙනරත් බණ්ඩාර මහතා අදහස් දක්වමින්……

කාගිල්ස් බැංකුව එහි ගමන් මගෙහි ඉතා වැදගත් අවස්ථාවක් සනිටුහන් කරමින් ,එකක් රුපියල් 8 ක් බැගින් වන කොටස් මිලියන 62.5 නිකුත් කිරීම මාර්ගයෙන් රුපියල් මිලියන 500 ක (ස්ථරය 1) ප්‍රාග්ධනය රැස්කරගැනීම පිණිස එහි මූලික මහජන කොටස් නිකුතුව නිවේදනය කරයි.

මෙම මූලික මහජන කොටස් නිකුතුව සදහා අයදුම් කිරීම දැන් විවෘතව ඇති අතර දායකත්ව ලැයිස්තුව 2023 දෙසැම්බර් 14 දා විවෘත කරනු ලැබේ. එහි මූලික මහජන කොටස් නිකුතුව දැනුම්දීමේ උත්සවයේදී අදහස් දැක්වූ කාගිල්ස් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි සෙනරත් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ” පසුගිය වසර තුනේදී ආර්ථික සහ මෙහෙයුම් දුෂ්කරතා පැවතියද, මෙම බැංකුව එහි ගමන් මඟ ස්ථායිකර ගෙන ඇත. මේ වසරේ මේ දක්වා අපි ශුද්ධ වත්කම්වල 20% වර්ධනයක් වාර්තා කරගෙන සිටිමු. අප සැලසුම් කර ඇති මූලාරම්භයන් සමඟින් ඉදිරි වසරවලදී එම වර්ධනය කඩිනම් කිරීමට සැලසුම් කරයි.

අපගේ ව්‍යාපාර ප්‍රවේශය මෙම ක්ෂේත්‍රයේ අන්‍යයන්ගෙන් වෙනස්වෙයි. අපගේ ප්‍රවේශයෙහි අපට සංවර්ධන දිශානතියක් ඇති නමුත් අපගේ වර්ධන අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමේදී අපට වැදගත්වන වාණිජ බැංකු දර්ශනය අපි නොසලකා නොසිටින්නෙමු. අප බැංකු ව්‍යාපාරයට අලු‍තින් පිවිසි බැංකුව වූවත් අපට කාගිල්ස් පරිසර පද්ධතිය ඇතුළත පවතින ජාලය සහ අවස්ථා සමඟින් ස්ථාවර පදනමක් ඇත.

අපගේ දැක්ම සහ අපගේ වර්ධන අපේක්ෂා කෙරෙහි විශ්වාසය තැබීම සම්බන්ධයෙන් ස්තුතිය පිරිනමමු. ඔබගේ හවුල්කාරිත්වය හුදෙක් ආයෝජනයක් පමණක් නොවේ; එය සාර්ථකත්වය උදෙසා වන සාමූහික කැපවීමකි. කාගිල්ස් බැංකුවේ මූලික මහජන කොටස් නිකුතුවෙහි ආයෝජනය කරමින් අපගේ ප්‍රගතියේ කොටස්කරුවකු වන ලෙස අපි ඔබට ගෞරවයෙන් ඇරයුම් කරමු.”

advertistmentadvertistment
advertistmentadvertistment