සුරාබදු ආදායම කෝටි 4340කින් පහළට

165

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී තිබෙන උපදෙස් මත මත්පැන් මිල විශාල ලෙස ඉහළ දැමීම නිසා මත්පැන් අලෙවිය අඩුවීමෙන් මෙම වසරේ අපේක්‍ෂා කළ සුරාබදු ආදායම රුපියල් කෝටි 4340 කින් පමණ පහළ යනු ඇතැයි ගණන් බලා තිබේ.

2023 වසරේ ඉලක්කගත සුරාබදු ආදායම රුපියල් කෝටි විසිඑක්දහස් හත්සියයකි.

නමුත් ඉකුත් මාස හතරේ දී මත්පැන් අලෙවිය සියයට හතළිහකින් පමණ පහළ යෑම නිසා රජයට ලැබුණ සුරාබදු ආදායම සියයට විස්සකින් පමණ පහළ ගොස් ඇත. මේ වනවිට රටේ පවතින උද්ධමනය හා අනෙකුත් ප්‍රශ්න මත මත්පැන් අලෙවිය තවදුරටත් පහළ ගොස් රජයට ලැබෙන සුරාබදු ආදායම ද අඩු වී යනු ඇතැයි මත්පැන් සමාගම් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට කියා තිබේ.

මත්පැන් අලෙවිය සියයට හතළිහකින් පහළ යෑමත් සමග එම මත්පැන්ලෝලීන් කසිප්පු හෝ වෙනත් මත්ද්‍රව්‍ය වෙත නැඹුරුවීම සාමාන්‍ය තත්ත්වයක් බව ද මත්පැන් නිෂ්පාදකයන් කියා ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment