‘පහට කැඩුණු’ සීඅයිඩීය යළිත් එක මිටකට

58

ඒකක පහකට වෙන්කර තිබූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධාන ව්‍යුහය නැවත එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා යටතට පත් කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම ඒකක දීර්ඝ කාලයක සිට පැවතියේ එහි අධ්‍යක්‍ෂවරයා යටතේය. එහෙත් හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා එම ඒකක වෙන වෙනම අධ්‍යක්‍ෂවරු යටතේ කොටස් පහකට වෙන් කිරීමට කටයුතු කළේය.

ඒ අනුව පරිගණක අපරාධ, මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ, සමුද්‍රිය අපරාධ සහ මිනිස් ජාවාරම්, නීති විරෝධී වත්කම් පවරා ගැනීමේ ඒකකය සහ මූල්‍ය සහ වානිජ අපරාධ යනුවෙන් කොටස් පහකට වෙන්කර ඒ සඳහා වෙන වෙනම අධ්‍යක්‍ෂවරුන් පත් කිරීමට කටයුතු කර තිබිණි.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ඒකක පහම නැවත ඒකාබද්ධ කර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂවරයාගේ පාලනය යටතට ගැනීමට කටයුතු කර තිබේ. මෙම ඒකක පහේ අධ්‍යක්‍ෂවරුන් ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 05 දෙනා වැඩබලන අධ්‍යක්‍ෂවරුන් ලෙස මින් ඉදිරියට කටයුතු කරනු ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment