එළවළු මිල  70% කින් ඉහළට තව මාසයකින් දැඩි එළවළු හිඟයක්

274

මැනිං වෙළෙඳපොළ සංගමයේ සභාපති

උඩරට සහ පහතරට එළවළු මිල මේ වනවිට සියයට 70 කින් ඉහළ නැග ඇතැයි සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ට ඊයේ (20දා) පැවසීය.

දරාගත නොහැකි අන්දමින් පොහොර මිල ඉහළ නැගීම හා ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රවාහනයට බාධා ඇතිවීම ඇතුළු තවත් ගැටලු රැසක් එළවළු මිල ඉහළ යෑමට හේතු වී ඇතැයි ද ඒ මහතා කීය.

පවතින තත්ත්වය හමුවේ තක්කාලි කිලෝවක් 600ත් 700ත් අතර මිලකටත්, බෝංචි කිලෝවක් රුපියල් 500ත් 550ත් අතර මිලකටත්, අමු මිරිස් කිලෝවක් රුපියල් 650ත් 700ත් අතර මිලකටත්, මාළු මිරිස් කිලෝවක් රුපියල් 480ත් 500ත් අතර මිලකටත්, කැරට් කිලෝවක් රුපියල් 300ත් 350ත් අතර මිලකටත්, බීට් රූට් කිලෝවක් රුපියල් 160ත් 190ත් අතර මිලකටත් අලෙවි වන බව ද ඒ මහතා සඳහන් කළේය.

පවතින තත්ත්වය හමුවේ තව මාසයක් යන විට දැඩි එළවළු හිඟයක් ඇති වන බව ද ඒ මහතා පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment