මාදැලක පැටළුණු කිලෝ 70ක් බර කැස්බෑවා මුදාහරී

171

මන්නාරම නඩුකුඩාව වෙරළ තීරයේ ඊයේ (07දා) අලුයම ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින්ගේ මාදැලකට හසු වූ කිලෝ 70 ක් පමණ බර කැස්බෑවකු නිරුපද්‍රිතව නැවත මුහුදට මුදාහැරීමට කටයුතු කර තිබුණි. මාදැලට හසුව ගොඩට පැමිණි මෙම කැස්බෑවා එහි සිටිනු දුටු ධීවරයින් එම සත්ත්වයාට කිසිදු හිරිහැරයක් නොකර ආපසු නිදහසේ මුහුදට යෑවීමට කටයුතු කළ බව මාදැල හිමිකරු වන නුවන් චාමර ප්‍රනාන්දු මහතා පැවසීය.

අමරනන්ද විජේසේකර-මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment