සියලු ගොවිජන මධ්‍යස්ථානවලට  යූරියා බෙදා අවසන් – කෘෂි ලේකම් කියයි

77

මහ කන්නයේ වී වගාව සඳහා පළමු මුරයට අවශ්‍ය යූරියා පොහොර සියලු ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත නිකුත් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.

මෙවර මහ කන්නයේ දී පොහොර ලබා දීම පියවර කිහිපයක් ඔස්සේ සිදු කෙරේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති පරිදි මෙවර වී වගාවට සියයට 70ක් රසායනික පොහොර හා සියයට 30ක් කාබනික පොහොර යෙදීම සඳහා නිර්දේශ ලබා දී ඇතැයි පවසන ලේකම්වරයා වී වගාවේ දී යූරියා පොහොර පළමු මුරය වී වපුරා හෝ ගොයම් සිටුවා දින 14ක් තුළත්, දෙවැනි යූරියා පොහොර මුරය සති 04කින් ද සහ තුන්වන යූරියා පොහොර මුරය වපුරා හෝ ගොයම් පැළ සිටුවා දින 42ත් 45ත් අතරත් යොදනු ලබන බව ද සඳහන් කරයි.

ගොවීන් මුර තුනටම අවශ්‍ය පොහොර එකවර ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් එසේ එකවර සැපයීමට අවශ්‍ය තරම් යූරියා පොහොර දැනට නැති බවත් ලේකම්වරයා පවසයි. දැනට යල කන්නය සඳහා මිල දී ගත් යූරියා පොහොරවලින් වගාවට වෙන් කරන ලද මෙටි්‍රක් ටොන් 21,000ක් පමණ ඇතැයි ද මහ කන්නය සඳහා ඇනවුම් කරන ලද පොහොරවලින් මෙටි්‍රක් ටොන් 12,500 ක් මෙම මස 25 වැනිදාත් , තවත් යූරියා පොහොර මෙටි්‍රක් ටොන් 120,000ක් නොවැම්බර් මස 20 වැනිදා වන විටත් රටට ලැබීමට නියමිත බව ද ලේකම්වරයා සඳහන් කරයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment