හිරෙන් පැන්න අයගෙන් 02ක් අල්ලයි

115


බදුල්ල, තල්දෙන එළිමහන් සිරකඳවුරෙන් පළා ගිය රැඳවූවන් 09 දෙනාගෙන් දෙදෙනෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

නෝම්බි උපවාසයේ යෙදී සිටි මුස්ලිම් ජාතික තරුණයින් 09 දෙනෙකු අද (17) අලුයම සිරකඳවුරෙන් පළාගොස් තිබුණු අතර ඔවුන් සොයා ආරම්භ කළ මෙහෙයුමේදී නැවතත් රැඳවියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා කීය.

මත්ද්‍රව්‍ය චෝදනා යටතේ රඳවා සිටි මොවුන්ගෙන් පළාගිය සෙසු 07දෙනා සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment