ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍ය ශිල්පි ඥානාංග ගුණවර්ධනයන්ගේ අවසන් කටයුතු අද

172

ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍ය ශිල්පි ඥානාංග ගුණවර්ධන මහතා පෙරේදා (4) සිය දිවි සැරියට සමු දුන්නේය. ඒ මහතා රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මිය යන විට 78 වැනි වියේ පසුවූ ඒ මහතා ප්‍රරාක්‍රම ද සිල්වා මහතාගේ හෙවනැලි ඇද මිනිස්සු චිත්‍රපටයෙන් සිනමාවට පිවිස පුංචි ගෙවල්, තට්ටු ගෙවල් සහ නෝනාවරුණි මහත්වරුණි ඇතුළු ටෙලි නාට්‍ය දහසකට අධික සංඛ්‍යාවක සහ චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබේ. නාලනී ගුණවර්ධන මහත්මියගේ ස්වාමිපුරුෂයා වන ඒ මහතා සුරේන්ද්‍ර සහ ඉසුරු යන පුතුන් දෙදෙනාගේ සහ චතුරිකා යන දියණියගේ පියාණන් වේ. ඒ මහතාගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද (6) ප.ව. 3.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment