කොළඹ තොරණ තොටළඟ සහ දෙමටගොඩ පමණයි

285

වෙසක් පුන් පොහොය වෙනුවෙන් වෙනත් වර්ෂවල දක්නට ලැබෙන වෙසක් සිරිය කොළඹ නගරයෙන් මෙවර ගිලිහී ගොස් ඇත.

පසුගිය වසරවල මෙන් කොළඹ නගරයේ විවිධ ප්‍රදේශවල ඉදිකරන වෙසක් තොරණ මෙවර දක්නට නොලැබෙන අතර තොටළඟ හා දෙමටගොඩ පමණක් තොරණ ඉදිකර ඇත.

වෙනදා පෑලියගොඩ, පිටකොටුව, බොරැල්ල, බෞද්ධාලෝක මාවත, ගාළු මුවදොර ආදී ප්‍රදේශවල තොරණ ඉදිකළත් මෙවර එම ප්‍රදේශ පාළුවට ගොස් ඇත.

එසේම වෙනදා මෙන් වෙසක් කලාප ද මෙවර කොළඹ නගරයේ දක්නට නොලැබෙන අතර ගංගාරාම විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන වෙසක් කලාපය පමණක් සංවිධාන කර ඇත.

අධික විදුලිබිල හා අමුද්‍රව්‍ය වල මිල ඉහළ යෑම හේතුවෙන් බොහෝමයක් වෙසක් සැරසිලි සීමා කිරීමට සිදුවූ බව තොරණ සංවිධායකයෝ දිවයිනට පැවසූහ.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment