මේ උත්සාහය අගය කළ යුතුයි

3672

කැලණි රාජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි
කැලණි පුදබිමේ සිවුරුගල සමාධි ප්‍රතිමාව බැතිපුදට

තිලෝගුරු බුදුපියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් අටවෙනි වසරෙහි වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දිනයක (ක්‍රි. පූ. 519/520) පන්සියයක් මහරහතන් වහන්සේ සමග මණිඅක්ඛික නාරජුගේ ආරාධනයෙන් ලක්දිවට වැඩම කළ අවස්ථාවේ පැන්පහස ලබා උන්වහන්සේ සිවුරු පිරිකර තැබූ ස්ථානය ශෛලමය බුදුරුවක් සහිතව ප්‍රතිනිර්මාණය කරමින් බැතිමතුන්ගේ වන්දනාමානයට විවෘත කිරීම පෙරේදා (25 වැනිදා) කැලණිය විහාරස්ථ භූමියේ ඓතිහාසික කැලණි ගංගා තීරයේදී කැලණි රාජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේ ඇතුළු දායක සභාවේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.

මේ උත්සාහය අගය කළ යුතුයි

මෙම සිවුරුගල විහාරස්ථානය අභිනවයෙන් ඉදිකිරීම සඳහා පූර්ණ දායකත්වය කැලණි රජමහ විහාරස්ථානයේ ප්‍රධාන බස්නායක නිලමේ ධම්මික ආටිගල මහතාට සහ එම මැතිනියටත් භාණ්ඩාගාරික පද්මසිරි හපන්ගම මහතාටත් අඩුපාඩු සොයා බලමින් කැපවීමෙන් ක්‍රියාකළ විහාරස්ථ දායක සභාවේ සභාපති රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා සහ ඇතුළු සෑමදෙනාටත් නායක හිමිපාණන් සෙත්පිරිත් දේශනා කරමින් ආශීර්වාද කළහ. මෙම ඓතිහාසික සිවුරුගල බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ බඳු ස්ථානයක් බැවින් එය විනාශ වී යෑමට ඉඩ නොදී මෙලෙස සංරක්ෂණය කිරීම උතුම් පිංකමක් යැයි විහාරාධිපති හිමිපාණන් වහන්සේ පැවැසූහ.

එමෙන්ම නැසීගිය හෙලේනා විජයවර්ධන ආර්යාව ඇතුළු සැමට උන්වහන්සේ පුණ්‍යානුමෝදනා කළහ.
කැලණිය – මංගලා මදුරප්පෙරුම – පිංතූර නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment