අපරාධ ඉහළ යන්නේ ඇයි?

43

පාසලක් ආරම්භ කළ විට සිරගෙවල් සියයක් වැසේ. එනම් මෙයින් අදහස් වන්නේ පුද්ගලයකු දහම් අධ්‍යාපනයට යොමු වූ විට සිරගෙවල් හිස්වන බව ය. සත්‍ය වශයෙන් ම දහම් අධ්‍යාපනය ලබාදුන් පමණින් ම පුද්ගලයාට වැරදි ක්‍රියාවලින් අත්මිදී සිටිය හැකිද?

මිනිසුන් යනු විවිධ ආශාවන් අරමුණු මුදුන්පත් කර ගනිමින් ජීවිතය ගෙන යනු ලබන කොට්ඨාසයකි. යම් විටෙක ඔවුන් තමන්ගේ ආශාවන් ජය ගන්නට අනෙකාව පාගා දැමීමට පවා දෙවරක් නොසිතයි. කාලසටහනකට පමණක් සීමා වූ අධ්‍යාපනයක් ලබාදුන් පමණින් මිනිසෙකු යහපත් ගුණගරුක පුද්ගලයෙක් බවට පත් කළ නොහැක. එසේ නම් අප කළ යුත්තේ කුමක්ද?

ආකල්ප සංවර්ධනයෙන් තොරව මිනිසාගේ සිස්ටම් චේන්ජ් කරන්නට ඔබට මට කළ නොහැකි දෙයකි. නමුත් සිස්ටම් චේන්ජ් කිරීමම අපට ගැටලුවක් වී ඇත. එනම් කුඩා දෙයටත් ඇනකොටා ගන්නා සමාජයක් අද වන විටත් නිර්මාණය වී ඇති නිසාය.

පසුගිය දින කීපය තුළම විවිධ ඇනකොටා ගැනීම්, සොරකම්, වංචා හා දූෂණ කෙතරම් නම් අසන්නට දකින්නට ලැබුණා ද?. දෙමව්පියන්ට දරුවනුත් දරුවන්ට දෙමාපියනුත් කෙතරම් නම් අහිමි වන්නට ඇතිද?

අපරාධ යන වචනයම දැන් පොදු ව්‍යවහාරයේ ඇති වචනයක් වී ඇත. මන්දයත් ඒ තරමටම අද වන විට අපරාධ හිස ඔසවා ඇති නිසාය.

සටහන,
වින්ද්‍යා කල්පනී රත්නායක
කැලණිය විශ්වවිද්‍යාලය

සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment