කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත නිවාස ණය යෝජනා ක්‍රමය දියත් කරයි

132

කොමර්ෂල් බැංකුව මෙන්ම පරිසරය වෙනුවෙන් කැපවී සිටින ගනුදෙනුකරුවන්ට සහාය වීම සඳහා දියත් කර ඇති හරිත ණය දීමේ ව්‍යාපෘතිය යටතේ, කොමර්ෂල් බැංකුව නව වැඩසටහනක් ප්‍රකාශයට පත්කර ඇත.

මේ අනුව ශ්‍රී ලංකා හරිත ගොඩනැඟිලි කවුන්සිලය (GBCSL) විසින් හරිත ගොඩනැඟිලි සහතික ප්‍රදානය කරන ලද නිවාස මිලදී ගැනීම සඳහා හෝ එසේ සහතික කිරීමට නියමිත නිවාස ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 50 දක්වා හරිත නිවාස ණය දැන් කොමර්ෂල් බැංකුවෙන් ලබාගත හැකිය. මීට අමතරව, හරිත සහතිකයක් ලබා ගැනීමට තුඩු දෙන සූර්ය බලශක්ති පද්ධති, සූර්ය ජාල මිනුම් පද්ධති, අපද්‍රව්‍ය හෝ වැසි ජලය කළමනාකරණ පද්ධති හෝ කොම්පෝස්ට් නිෂ්පාදනය වැනි වෙනත් හරිත ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 5 දක්වා ණය ලබාගත හැකි බව බැංකුව ප්‍රකාශ කරයි.

මෙම නවතම හරිත ණය දීමේ වැඩසටහන පිළිබඳ වූ අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා මෙසේ පැවසීය. ‘ශ්‍රී ලංකාවේ ප්‍රථම කාබන් මුදාහැරීම 100% තුලනය කළ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව, පරිසර හිතකාමී පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමට පෙරමුණ ගෙන සිටියි. මේ සඳහා හොඳම ක්‍රමය වන්නේ, අපගේ ණය දීම තුළින් හරිතකරණයට ආයෝජන දිරි ගැන්වීමයි. අපි මීට වසර පහකට පෙර හරිත පුද්ගලික ණය සහ හරිත ලීසිං දියත් කළ අතර, හරිත මූල්‍ය නිෂ්පාදන සංවර්ධනය කිරීම සඳහා ෂත්‍ක්‍ වැනි ආයතන සමග කටයුතු කරමින් සිටින්නෙමු. හරිත ගොඩනැඟිලි කවුන්සිලය සමග දියත් කර ඇති හරිත නිවාස ණය යෝජනා ක්‍රමය මෙම ප්‍රයත්නයන්ට සහාය වනු ඇතිය.’

advertistmentadvertistment
advertistmentadvertistment