සෙලින්කෝ ඉන්ෂුවරන්ස් මෙවරත් ශ්‍රී ලංකාවේ ‘ගෞරවනීය රක්ෂණ සමාගම’ සම්මානය දිනා ගනී

145

ශ්‍රේණිගතකිරීම් අංශ දොළහෙන් හයක, හොඳම දස දෙනා අතරට…

2022 වර්ෂය සඳහා සෙලින්කෝ ඉන්ෂුවරන්ස් ජාතියේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත් අගය කරන ආයතන අතරින් 11 වන ස්ථානයට පත් වූ අතර මෙවරත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය රක්ෂණාවරණ සැපයුම්කරු බවට පත් විය. සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී, මෙරට ප්‍රමුඛතම රක්ෂණ සමාගම් දෙක වන සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සහ සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් දෙකෙන් සමන්විත වේ.

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් පිළිවෙලින් සාමාන්‍ය සහ ජීවිත රක්ෂණ කර්මාන්තයේ ප්‍රමුඛයන් ලෙස තම ආධිපත්‍යය සනිටුවහන් කර ඇත. ගුණාංග ශ්‍රේණිගත කිරීම්වල, සෙලින්කෝ ඉන්ෂුවරන්ස් මෙසේ ඉහලින්ම ශ්‍රේණිගත ඇත.

මානව සම්පත් සහ පුද්ගල කළමනාකරණයේ 5 වන ස්ථානය

ආයතනික සංස්කෘතිය සහ කළමනාකරණ පැතිකඩ යන දෙකෙහිම 7 වන ස්ථානය

අර්බුද කළමනාකරණයේ 9 වන ස්ථානය සහ

මූල්‍ය ක්‍රියාකාරිත්වයේ සහ ගුණාත්මකභාවය සඳහා 10 වන ස්ථානය

ඛඵෘ සඟරාව විසින් ජාතියේ වඩාත්ම ගෞරවනීය සහ ප්‍රශංසිත ආයතන ඇතුළත් 18 වන වාර්ෂික ශ්‍රේණිගත කිරීම මඟින් නිවේදනය කළ පරිදි සෙලින්කෝ ඉන්ෂුවරන්ස් ආයතනය ශ්‍රේණිගත කිරීම් දොළහෙන් හයක් සඳහා – පළමු දසදෙනා අතරට ද ඇතුළත් විය. ඛඵෘ සහ භසැකිැබ ෂූ එක්ව ලයිස්තුගත සමාගම්වල ඉහළ කළමනාකරණ තනතුරු දරන ප්‍රතිචාරකයන් 800 දෙනෙකුගේ ප්‍රතිචාර මඟින් පැවැති සමීක්ෂණ මත මෙහි අවසන් ප්‍රතිඵල පදනම් වී ඇත.

සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී හි විධායක සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණවර්ධන මහතා පැවසුවේ, “ජාතියේ ඉහළම ආයතන අතරට පැමිණීම ගැන අපි ආඩම්බර සහ නිහතමානී වන අතර, අප ආයතනය මෙම ජයග්‍රහණය කරා ඔසවා තැබීමට උපකාරී වූ සහ වෙර දැරූ සෑම කෙනකු හටම අපගේ කෘතඥතාව පළ කරමු. මෙම පිළිගැනීම අපව දිරිමත් කරන අතර, නව්‍ය සහ පාරිභෝගික හිතකාමී සේවාවන් හා විසඳුම් ලබාදීමේ පුරෝගාමී ආයතනයක් ලෙස, විශිෂ්ටත්වය, විශ්වාසය රැඳි පාරිභෝගික සේවාවවන් පිරිනැමීමට අපි වඩාත් කැපවී සිටින්නෙමු. අඛණ්ඩ නව්‍යකරණයේ සහ නිර්මාණශීලීත්වයේ සජීවී ජාලයක් ලෙස අපගේ බොහෝ නව්‍ය නිෂ්පාදන මඟින්, කිසිදා රක්ෂණාවරණයක් ලබාගැනීමට නොසිතූ ජනතාව ඇතුළු සියලුම තරාතිරමේ පාරිභෝගිකයන් හට සේවාවන් සැපයීම සඳහා ළඟා වීමට අප ආයතනයට හැකියාව හිමි වී ඇත.

“සෙලින්කෝ ලයිෆ්හි මූලික ශික්ෂාපදය වන්නේ – විශ්වාසය වැනි ගෞරවයක් අපගේ ක්‍රියාවන් තුළින් උපයා ගැනීම, පෝෂණය කිරීම සහ ගොඩනැංවිය යුතු බවයි. විශ්වාසය මත දැඩි ලෙස රඳා පවතින කර්මාන්තයක අඛණ්ඩව වසර 17ක රක්ෂණ කර්මාන්තයේ නායකත්වයේ තවමත් රැඳී සිටින සෙලින්කෝ ලයිෆ්, මෙම විශ්වාසනීයත්වය මත පදනම් ව ජීවත් වූ බව සනාථ කරයි. ශ්‍රී ලංකාවේ විශාලතම ජීවිත රක්ෂණ සමාගම ලෙස, සෙලින්කෝ ලයිෆ් මිලියන සංඛ්‍යාත ජනතාවගේ, අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අනාගතය වෙනුවෙන් අවදානමින් තොර ජීවන රටාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් එහි මෙහෙවර හෝ එහි මූලික වටිනාකම් සම්බන්ධයෙන් කිසිවිටෙකත් කෙටි මාර්ග ගෙන නොමැත. අපි සෑම නීත්‍යානුකූල හිමිකම් පෑමකටම ගරු කරනවා පමණක් නොව, ඉක්මනින් හා බාධාවකින් තොරව සේවාව සපයන්නෙමු. මීට අමතරව, කර්මාන්තයේ වෘත්තීයභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා අපගේ අඛණ්ඩ උත්සාහය ජීවිත රක්ෂණ අලෙවිකරුවන් තුළින් ද – ඔවුන් හට ජීවිතය පිළිබඳ දැක්ම වෙනස් කිරීමට උපකාරී වූ අතර, එය අප විසින් උපයා ඇති ගෞරවයට ද දායක වී තිබේ” යැයි සෙලින්කෝ ලයිෆ් හි සභාපති රාජ්කුමාර් රෙන්ගනාදන් මහතා පැවසීය.

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් හි විධායක සභාපති / ප්‍රධාන විධායක නිලධාරී පැටි්‍රක් අල්විස් මහතා තම අදහස් දක්වමින් මෙසේ පැවසීය,“සෙලින්කෝ ඪෂඡ සන්නාමය පාරිභෝගික කේන්ද්‍රීයත්වය සමඟින් වේගයෙන් සේවය සැපයීම මූලික වන අතර මෙම ඇගයීම අපගේ ගනුදෙනුකරුවන් සමඟ අප විසින් පවත්වාගෙන යන සබඳතාවයේ ශක්තිමත් බව පිළිබිඹු කරයි. ක්ෂණික රක්ෂණ හිමිකම් වාරික ගෙවීමට සඳහා අප සේවය කැපී පෙනෙන නිසාවෙන් අප සන්නාමයේ වටිනාකමට ඉහළ නැංවීමට දායක විය. අපගේ සමාගම පාරිභෝගික තෘප්තිය සමඟින් ආරක්ෂාව සහ මූල්‍ය රක්ෂණය ලබා දීමේ මූලධර්ම මත පිහිටුවා ඇති අතර සෑම තරාතිරමකම පාරිභෝගිකයන්ගේ සෑම අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා කර්මාන්තයේ හොඳම රක්ෂණ විසඳුම් ලබාදීමට අපි කැපවී සිටිමු. අපි හැමවිටම උත්සාහ දරන්නේ අපි උපයන දෙයින් කොටසක් නැවත සමාජයට ලබා දීමටයි.”

සෙලින්කෝ ලයිෆ් හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ මහතා ද තම අදහස් දැක්වීය, “ගෞරවය විවිධාකාර වුවද, ඕනෑම ව්‍යාපාරයකට, විශේෂයෙන්ම මූල්‍ය සේවා අංශයේ අයට එය අතිශයින් වටිනවා. අපගේ මෙහෙවර වන්නේ අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ගේ අනාගතය ද අවදානමෙන් ඉවත් කිරීමයි, එය විශ්වාසය මත ගොඩනගා ඇති දිගුකාලීන සම්බන්ධතාවයක් ඇති කරයි, එහි පදනම විශ්වාසය සහ ගෞරවයයි. වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ගෞරවාදරයට පාත්‍ර වූ රක්ෂණ සමාගම ලෙසින් තේරී පත්වීමට ලැබීම සම්මානයකට වඩා වැඩි දෙයක්, එය අපේ රටේ ජනතාව සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමේ අපගේ සාර්ථකත්වයේ සංකේතයකි.

මෙම වසර මුලදී, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් 2022 ීඛෂඵ කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී පිළිවෙළින් සාමාන්‍ය සහ ජීවිත රක්ෂණ සඳහා ‘වසරේ ජනතා රක්ෂණ සන්නාමය’ ලෙස අඛණ්ඩව 16 වැනි වරටත් සම්මානයට පත්‍ර විය.

advertistmentadvertistment
advertistmentadvertistment