වසර දෙකක් තුළ කෝටි 200ක දේපළ උපයා ගත්තේ කොහොමද? – දෙමටගොඩ රුවන්ට බිරිඳට – පුතාට නඩු 3ක්

160

වසර දෙකක් තුළදී උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදල්, සුඛෝපභෝගී යාන වාහන, දේපළ හා රන් ආභරණවල හිමිකාරිත්වය දැරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදු කිරීම හා ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන සිරිනාථ පතිරන්නැහැලාගේ රුවන් හෙවත් දෙමටගොඩ රුවන් නමැත්තාට ඔහුගේ බිරිඳට හා 27 හැවිරිදි පුත්‍රයාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණ අධිචෝදනාව හමුවේ චෝදනා ගොනු කරමින් නඩු තුනක් පවරනු ලැබීය.

දෙමටගොඩ රුවන් නමැත්තාගේ පුත්‍රයා වන තරිඳු මධුශංක නමැත්තා එක්සත් ජාතික පක්‍ෂයේ තරුණ බළකායේ සභාපතිවරයා ලෙසත් නැගෙනහිර කුප්පියාවත්ත එක්සත් ජාතික පක්‍ෂ සංවිධායකවරයා ලෙසත් කටයුතු කරන බවත් 2019.01.01 වැනිදා හා 2021.03.23 වැනිදා කාලය අතරතුර උපයාගත් එකී දේපළ අතරට බී. එම්. ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී වාහන තුනක්, ලෑන්ඩ් කෲසර් වර්ගයේ සුඛෝපභෝගී වාහනයක් ඇතුළු දේපළ අයත් බවත් පැමිණිල්ලෙන් කියැවිණි. මෙයට වසර 25කට පමණ පෙර කුලී ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස කටයුතු කළ දෙමටගොඩ රුවන් නමැත්තා මෙතරම් විශාල වත්කම්වල හිමිකරුවකු වූයේ කෙසේ දැයි එම නඩුව මින් පෙර කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා අධිකරණයට පෙන්වා දී තිබිණි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද විමර්ශනයක් අනුව නීතිපතිවරයා එම විත්තිකරුවන් තිදෙනාට එලෙස මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment