මන්ත්‍රීවරුන් පෞද්ගලිකව විදුලි බිල් ගෙවිය යුතු නෑ

296

හිඟ විදුලි බිල්පත් ගෙවිය යුත්තේ මා පමණක් නොවේ – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

විදුලිබල මණ්ඩලය සඳහා හිඟ බිල්පත් ගෙවිය යුතු වන්නේ තමා පමණක් නොවන නමුත් එම බිල්පත් මන්ත්‍රීවරුන් පෞද්ගලිකව ගෙවිය යුතු ඒවා නොවන බව මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07 දා) කියා සිටියේය.

විදුලිබල මණ්ඩලය සඳහා හිඟ බිල්පත් ගෙවීමට ඇති බවට ‘දිවයින’ ඇතුළු මාධ්‍ය ආයතන ගණනාවක් විසින් පළකර තිබූ පුවතක් සම්බන්ධයෙන් සිය මන්ත්‍රී වරප්‍රසාද කඩවූයේ යැයි චෝදනා කරමින් මන්ත්‍රීවරයා ඊයේ නඟන ලද වරප්‍රසාද ප්‍රශ්නය මෙසේය.

“2022-10-06 වැනි දින ‘දිවයින’ පුවත්පත ඇතුළු පුවත්පත් ගණනාවකද ස්වර්ණවාහිනී ඇතුළු විද්‍යුත් මාධ්‍ය ගණනාවක සහ සමාජ ජාලාවන්හිද මා විසින් මාසික කුලී පදනම මත පදිංචි වී සිටින නිල නිවසේ මාසික විදුලි බිල ලක්ෂ 11 කට අධික මුදලක් ගෙවා නැතැයිද, එය නොගෙව්වොත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය කපාහරින බව දන්වා ලිපි යවා ඇතැයි පුවතක් පළකර තිබුණි. මෙය ඇත්ත වශයෙන්ම කරුණු විකෘති කරන ලද ප්‍රකාශනයක් බව මා සඳහන් කරමි. 2021 දෙසැම්බර් 23 දා එහි ප්‍රධාන විදුලි ඉංජිනේරු කොළඹ දකුණ ඒ. පී. එන්. විතානගේ නමැති අය විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් විසින් ලිපියක් මා වෙත එවා තිබිණි. රුපියල් එකොළොස් ලක්ෂ හත්දහස් නවසිය හතළිස් නවයයි ශත විසිහතරක් අංක 78 සී. දරණ නිවසේ විදුලිබිල වශයෙන් හිඟ මුදලක් පවතින බවත් එය වහාම නිරවුල් කරන ලෙසයි එම ලිපියෙන් දන්වා තිබුණේ. හිටපු ඇමැති රිචඩ් පතිරණ, අතාවුද සෙනෙවිරත්න යන මහත්වරුන් සහ පදිංචි අය පිළිබඳ සටහනක් නොමැති අයෙකු සහ මා විසින් ගෙවිය යුතුය යන්නෙන් නම් සඳහන් කොට තිබිණ. මෙහි පිටපතක් එවකට මා ධුරය දරමින් සිටි බතික් කර්මාන්ත හා දේශීය කර්මාන්ත අමාත්‍යංශයට එවා තිබුණු අතර ඊට ප්‍රතිචාර දක්වමින් අප අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නන්දනී සමරවික්‍රම මහත්මිය විසින් හිඟ බිල්පත් පිළිබඳව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශ ලේකම්ටද පිටපතක් සහිතව 2021 මාර්තු මස 21 වැනි දින ලිපියක් යවා තිබිණ.

ඉන්පසුව කිසිදු අවස්ථාවක විදුලිබල මණ්ඩලය විසින් මා වෙත ලිපි එවා නොතිබූ අතර ඊයේ දිනයේ කංචන විජේසේකර ඇමැතිතුමා විසින් ප්‍රකාශ කරන ලද වට්ස්ඇප් පණිවුඩයක්ද මා වෙත එවා නොතිබූ අතර එවැනි පණිවුඩයක් එවා තිබෙන්නේ නම් එම පණිවුඩය මේ පිළිබඳ පරීක්ෂණයකදී ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ආරාධනා කරමි.

ඉන්පසුව 2022 මැයි මස 26 වැනි දින හේමන්ත රණසිංහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කොළඹ නගරය යන අත්සන් සහිතව මා වෙත ලිපියක් එවා තිබූ අතර ඉන් සඳහන් කර තිබුණේ මා විසින් අටලක්ෂ හැත්තෑඅටදහස් හත්සිය විසිඅටයි ශත පහක මුදලක් ගෙවිය යුතු බවට දන්වා තිබූ අතර ඊට ගිණුම් ප්‍රකාශයක් අමුණා එවා තිබුණු බවට දන්වා එවා තිබුණද එවැනි ගිණුම් ප්‍රකාශයක් ඒ සමග එවා නොතිබුණි. නමුත් මා ප්‍රධාන විදුලි ඉංජිනේරු විතානගේ මහතාට දුරකථනයෙන් කතාකොට මේ පිළිබඳ ගිවිසුම් ප්‍රකාශනය මාගේ දුරකථනයට වට්ස්ඇප් පණිවුඩයක් ලෙස 2022 සැප්තැම්බර් මස 27 වැනි දින ගෙන්වා ගන්නා ලදී.

ඒ අනුව එම බිල්පත් සම්බන්ධයෙන් මා තනතුරු දරණ අමාත්‍යාංශ වෙත තොරතුරු ලබා ගැනීම සඳහා යවන අතර ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශය විසින්ද, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් රාජ්‍ය අමාත්‍යාංශය විසින්ද, බතික් අත්යන්ත්‍ර පේෂකර්ම අමාත්‍යංශයෙන්ද ගෙවීමට ඇති විදුලි බිල් ගෙවීම නිරාකරණය කර තිබිණ.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment