ප්‍රතිදේහ එන්නත් ගැන සාගල රත්නායකගෙනුත් ප්‍රකාශ ගන්න – සිවිල් සංවිධාන එකමුතුවෙන් සීඅයිඩී යට පැමිණිල්ලක්

89

හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ‘මගෙන් රටට’ සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන එකමුතුව ඊයේ (26දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත.

අදාළ වංචා සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සම්බන්ධ බවට විවිධ දේශපාලන කණ්ඩායම් සහ වෘත්තීය සමිති නායකයන් පසුගිය කාලසීමාවේදී තොරතුරු හෙළිකර ඇතැයි ද එම සංවිධාන එකමුතුව සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment